Wednesday, June 24, 2015

හිතුවක්කාර ආදරය - 11 කොටස



මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි. පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්‍රමයට හා පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින් මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන ගතියක් තිබුනේ මම ප්‍රමාද නිසා විය යුතුය.

"මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද"



මා ප්‍රමාද වී පැමිනීමට හෙතුව ඇය නොදැන සිටි නිසා මම ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ ඇයට මාගේ යතුරුපැදියට ගොඩවීමට ආරාධනා කරමින්ය.පසුව මම සියළු කරුනු කාරනා ඇයට පැහැදිලිකරදුන් අතරම ඇයගේ ඇස් කඳුලින් තෙත් වූයේ හරි කාරනය නොදැන මට දොස් නැගීම නිසාය. එසේ දොස් නැගිමට එරෙහිව ඇයවිසින් ඉදිරිපත් කල සමාව මා පිළිගත් නිසා නැවත ඇයව යතා තත්වයට ඉතා ඉක්මනඉනින්ම ගෙන ඒමට මට හැකිවිය.

"දිනුක මොකද්ද බන් මේ අත්තම්මගෙ කතාව"
"උඹ කොහොමද දන්නෙ"
"මට නිවන්ති කිව්වා"
"බලපන්කො ඉතින් නිවුස් යන ඉක්මන"
"හරි හරි මම සම්පූර්න කතාව දන්නවා. ඒක නෙමේ අර වැඩේ හරි. උඹට තියෙන්නෙ වෙලාවට එයාව එක්කන් එන්න විතරයි හරිද"
"හරි හරි බන්.. එක තප්පරයක්වත් මම එහාට මෙහාට කරන්නෙ නැහැ"
"මොනවද අනේ හරි තප්පරේටම කරන්න හදන්නෙ.. අපිදන්නෙ නැද්ද ඉතින් ඔයාල දෙන්න ගැන."
"මැඩම් මැනස් කියල දෙයක් තියනවා නේද, වැදගත් ඔෆිසර්ල දෙන්නෙක් කතාවක ඉන්නකොට ඔහොම එකපාරටම එනවද"
"ආ ... බලන්නකො මෙයාලගෙ තියන ගෑස්.. එන්න නිවන්ති අක්කි ... ටක් .. ටක් .. ටක් .. එක්ස්කියුස් මී සර් .."
"කමින් .."
"ඔන්න දැන් හරිනෙ, ඔයාලගෙ විදිහට අපි ආවා"
"මොකද දෙන්න මේ පැත්තෙ"
"ඇයි අනේ අද අර කම්පැනීස් දෙකකට යනවා කිව්වා නේද අපේ පැකේජස් ප්‍රමොට් කරන්න"
"මතකයි. ඔය ගැන තමා මමයි බ්‍රයනුයි කතාකරමින් හිටියෙ ඔයාල එනකොට, බ්‍රයන් ඔයා මේ දෙන්නව අරගෙන යන්න"
"ඇයි උඹ එන්නෙ නැද්ද"
"එනවා එනවා.. මම හරියටම අටයි පනහ වෙනකොට ඇති. බොසා මොකක්ද වැඩක් කියල ඉන්නලු බන්. පොඩි වැඩක් තියෙන්නෙ"
"හරි හරි ඔයාගෙ ඔය වැඩේ කරල එන්නකො එහෙනම්. නිවන්ති අක්කි වීල් එකකට කතා කලා නේද?"
"වීල් .. ඒ මොකද? ඇයි වාහන නැද්ද"
"එකක පැච් එකක් ගිහ්න් තාම ඒක මගලු. අනික බොස්ට ඕනලු කොළඹ යන්න"
"ඒකත් එහෙමද, එහෙනම් බ්‍රයන් උඹ යමන් මෙයාල දෙන්න එක්ක. මම එන්නම්"
"වෙලාවට වරෙන් හරි"

බ්‍රයන්ගේ ආදර ජවනිකාව මාගේ දෑසින් බලා ගැනීමට මම ආසාවකින් සිටියෙමි. බොසාගේ මේ ඉවර කිරීමට නොහැකි උවත් මම බ්‍රයන් දුන් වෙලාවට වේදිකාවට නගිනවායැයි සිතුවෙමි. බ්‍රයන් ඇතුළු පිරිස පිටව ගොස් තප්පර කිපයකින් ඉමාෂා නැවත මාගේ කාර්යාලයට දිව ආවේ මගේ දෙතොල් දඟකාර හාදුවකින් සැරසීමටය. කවදා මේ දඟකාරකම්, කෙලිලෝලකම් නවිතීවිදැයි මම සිතුවෙමි. ඔවුන් පිරිස පිටවී ගොස් විනාඩි දයකින් පමන අපගේ බොස් මාගේ කාර්යාලයට පැමිනියේ දුරකථන ඇමතුමක්ද සමග දැඩි කලබලයකිනි. ඉතා ඉක්මනින්ම දුරකථන ඇමතුම විසන්දි කල ඔහු මාගේ මේසය මත තිබූ වතුර විදුරුව හිස් කලේ තනි උගුරකටය.

"මොකෝ සර් ඔය.. දහඩිය දාගෙන.. කලබලයකින් වගේ. මොකක්ද අවුල"
"දිනුක.. අපේ ළමයි ගිය වීල් එක ඇක්සිඩන්ට් වෙලාළු"
"මොනවා ..."

එම විස්තරය ඇසූ විගසම මම හිඳි ඉබේටම නැගිටූයේ වීල් එකේ සිටියේ බ්‍රයන් ඇතුළු පිරිස බව මා දන්නා නිසාය. ඊ තලයක වේගයෙන් මම අනතුර වූ ස්තානයට දිව ගියෙමි. මාව අනුගමනය කරමින් අපගේ බොස්ද මා පසුපස පැමිනියේය. පාරට පැමිනෙනෙවාත් සමගම අප ආයතනයට මදක් එහයි තිබූ දුම් රිය මාරුවන ස්තානයේ මිනිසුන් පිරිසක් වටවී ඇති අයුරු මම දුටුවෙමි. එමෙන්ම ගිලන් රථයක්ද වේගයෙන් රෝහල දෙසට යානවා මම දුටුවෙමි. මිනිසුන් වටවී ඇති නිසා පොලිස් ආරක්ෂාවද එම ස්ථානයට යොදා තිබීම නිසා එතට යාමට තරමක් අපහසු උවත් අපගේ කාර්යාලය ඇඳුනුම්පත නිසා අප හට යාමට එතරම්ම අපහසුවක් නොවීය. එම ස්ථානයේ සිට පැමිනි පුද්ගායෙකුගෙන් මම විස්තර විමසුවේ මා අනතුර වූ ස්තානයට යාමට පෙරය.

"මොකද අයියෙ මෙතන උනේ"
"කොච්චිය එනව දැක දැක වීල් එක දැම්ම මල්ලී. අපි බලාගෙන හිටියෙ. එහෙන්ම ඇමිනිලා ගියා වීල් එක. දෙන්නෙක් එතනමයි. ගෑණු ළමයෙකුට බරපතලයි. එයාව තමා දැන් අරගෙන ගියේ"

ඔහුගේ කතාව ඇසීමත් සමගම මගේ හදවත මොහොතකට නැවතුනා සේ මට දැනුනි. මුළු පරිසරයම නිහඬ වූ වී අහස අඳුරු වූ ගතියක් මට දැනුනි. රැස්ව සිටි පිරිස අතරින් මා ඉදිරියට පැමිනියේ හිස් වූ මනසකින් වූ අතරම තැලී පොඩී වීගිය ත්‍රීවීලය පළමුවෙන්ම මගේ නෙතු ගැටුනි. දෙවනුව දුටු දසුනත් සමගම මගේ දෑස් කඳුලින් පිරී බොඳවී යාමට ගතවූයේ තප්පරයකිනුත් අඩු කාලයකිනි. මෙතුවක් කාලයකට මිතුරුකම් පෑ මගේ එකම මිතුරා මගේ සහොදරයා නිහඩව නිසලව බිම වැතිර සිටියේය. දඟකාරකම් පෑ කෙලිලෝල කම් පෑ මා ආදරය කල එකම යුවතිය මගේ මිතුරාගේ සිරුරට මදක් එහයින් තිබුනේ නිහඬවය. නිසලවය. වෙනදාමෙන්ම ඒ ඇස් අලන්කාරව තිබුනද දිළිසන්නේ නැත. ඒ තොල්පෙති අද නිසලය. මා මේ දකිනා දේ ඇත්තමයැයි පිළිගැනීමට මට අපහසු වූ අතරම වටපිටාව සියල්ල අඳුරු වී යන ගතියක් මට දැනුනි.


කෝඩුකාර ඔය හිතට
මේ තරම් ආදරේ කරපු හැටී
ඔබෙන් තොර ලෝකයක් තිබුනේම නැති තරම්
මට ආදරෙයි කිව්ව ඔය හිතම
මාව මෙතරම්ම තනි කරල යන්න තරම්
දරුණු වූ හැටී
අදහන්නවත් බැරි තරම්
ඔය හිත ඇබිත්තක්වත් නොරිදවීමට
මම මටම පොරොන්දු වූ හැටී
මම ආදරේ කලා ඒ තරම්ම
ඒත් අද ඒ ආදරේ



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

1 comment: